වසර 32 කට අධික
විශ්වාසය සහ උරුමය
පාරම්පරික හෙළ වෙදකමේ අභිමානය රැකගනිමින්, දහස් ගණනක් රෝගීන්ට සුවය ලබා දුන් වගකීමක් සහිත වෛද්‍ය මධ්‍යස්ථානය.
Excellence
වෛද්‍ය S.M.C.K. පතිරණ
කීර්ති ශ්‍රී දේශශක්ති | ආයුර්වේද ප්‍රශාදී
"පල්ලේවෙල පාරම්පරික වෙදකම" යනු හුදෙක් නමක් පමණක් නොව, එය වසර ගණනාවක් තිස්සේ දහස් ගණනක් රෝගීන් සුවපත් කළ විශ්වාසවන්ත වෙද පරම්පරාවකි.
අප මධ්‍යස්ථානයේ නිර්මාතෘ වෛද්‍ය S.M.C.K. පතිරණ මහතා, මෙම පාරම්පරික දැනුම සහ වසර 32කට අධික පළපුරුද්ද මුසු කරමින් කැඩුම් බිඳුම්, අස්ථි රෝග සහ අංශභාග රෝගීන් සඳහා විශේෂ ප්‍රතිකාර ලබා දෙයි.
"අපගේ වෙදකම පල්ලේවෙල වෙද පරම්පරාවෙන් පැවත එන 100% ක් දේශීය හා ස්වභාවික ප්‍රතිකාර ක්රමයකි."
අපගේ උරුමය සහ ආශිර්වාදය
වෙද පරම්පරාව
පියාණන්ගෙන් උරුම වූ වසර ගණනාවක අත්දැකීම් සහ පාරම්පරික රහස් වට්ටෝරු.
ආගමික ආශිර්වාදය
සම්බුදු දහම මුල් කරගත්, දැහැමි සහ සාධාරණ ප්‍රතිකාර ක්‍රමවේදය.
සොබාදහමේ සුවය
පරිසරය හා බැඳුණු 100% ස්වභාවික ඖෂධ සහ අමුද්‍රව්‍ය භාවිතය.
අප විශේෂ වන්නේ ඇයි?
100% ස්වභාවිකයි
කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොමැති, 100% ක් ස්වභාවික සහ ශරීරයට හිතකර ඖෂධ පමණක් භාවිතා කරයි.
කැපීම් කෙටීම් නැත
ශල්‍යකර්ම වලින් තොරව, පාරම්පරික තෙල් සහ පත්තු ප්‍රතිකාර මගින් කැඩුම් බිඳුම් සහ රෝග සුව කරයි.
වගකීම සහ විශ්වාසය
වසර 32කට අධික පළපුරුද්ද සමඟ, රෝගියාගේ ඉක්මන් සුවය ගැන පූර්ණ වගකීමක් අපි භාරගන්නෙමු.
හෙළ වෙද උරුමය
අනාගත පරපුර වෙනුවෙන් දේශීය වෙදකම සුරකිමින්, සද්භාවයෙන් සිදුකරන අගනා සේවාවකි.
ඔබේ සෞඛ්‍ය ගැටලුව අපට කියන්න
ප්‍රමාද නොකර නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වන්න.
අපගේ වෛද්‍ය මණ්ඩලය
වෛද්‍ය S.M. සෝම දාස පතිරණ
කීර්ති ශ්‍රී දේශ විභුෂන ආයුර්වේද හා
පණ්ඩිත ආයුර්වේද වෛද්‍ය
වෛද්‍ය S.M.C.K. පතිරණ
කීර්ති ශ්‍රී දේශ ශක්ති | ආයුර්වේද ප්‍රශාදී
සර්වාංග සහ කැඩුම් බිඳුම් වෛද්‍ය
S.M.G.B. පතිරණ
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය
(අනාගත පරපුර)
අපගේ ප්‍රතිකාර විධි (Treatment Methods)
පාරම්පරික හෙළ වෙදකමට අනුව සිදුකරන විශේෂිත සත්කාර ක්‍රම.
තැවීම සහ වාෂ්ප (Fomentation)
ඖෂධීය කොළ තැම්බූ වාෂ්ප ඇල්ලීම.
තෙල් අභ්‍යංගය (Oil Application)
මවකගේ සෙනෙහස මෙන් සිදුකරන තෙල් සත්කාරය.
පත්තු බැඳීම (Herbal Paste)
කැඩුම් බිඳුම් සඳහා විශේෂ පත්තු.
නිල වෙදකම (Nila Vedakama)
ස්නායු උත්තේජනය කරන නිල තෙරපීම.
පල්ලේවෙල පාරම්පරික පුරාණ කැඩුම් බිඳුම් වෙදකම
වෛද්‍ය S.M.S. පතිරණ පියාණන් සහ වෛද්‍ය S.M.C.K. පතිරණ වෙද මහතා විසින්, දශක 3කට වැඩි සේවයේ පන්නරය තුළින් ලෝක සත්ත්වයාට හිතසුව පිණිස සියලුම ආයුර්වේද ප්‍රතිකාර සිදු කරනු ලබයි.
විශේෂිත ප්‍රතිකාර අවස්ථා:
- ➤ සියලුම කැඩුම් බිඳුම් රෝග
-
➤
වලුන්, මස් පෙරළීම සහ හන්දි පැනීම
(Dislocations / Muscle Sprains) -
➤
දණහිස් තැලීම, ඇදවීම, කෙටීම සහ කැඩීම
(Knee Injuries / Fractures)
Service
වෙද පරම්පරාව
දේශ/විදේශ රෝගීන්
අත්පා සුවකිරීම්
"මගේ පියාණන්ගෙන් පැවත එන දශක 5කට අධික අභිමානවත් වෙදකම"
